සිඩ්නි ශීෂ්‍ය දිවියේ අවසන් ශීත සෘතුව පැමිණ ඇත. ශීතයෙන් මිදීම සඳහා ඇඟලාගත් උණුසුම ගෙනෙන ඇඳුම් ද මද වූ තැන මම පසෙක වන කුඩා තාප ජනකය ක්‍රියා කරවමි. පසුව යළි දෙනෙත ඉදිරිපස ඇති කුඩා පරිගණක තිරය මත අලවමි.
ගෙවී යන කාලය පිළිබඳ සංඥා සපයන කුඩා ඩිජිටල් ඔරලෝසුව මේස කොණකට වී රත් පැහැ අංක පුවරුව දල්වා මදෙස බලා සිටියි. ඉන් දෙනෙත් පසෙකට ගෙන මම වම් පස වන කුඩා වීදුරු කවුළුවෙන් පිටත බලමි. අහස වළාවෙන් බර ය. දුරින් පෙනෙන තුරු මුදුන් සෙමින් සුළඟට සැලෙයි.
ගිය වර සිඩ්නි සිතුවිල්ලෙහි ලියූ ‘සිල්ලර ජීවිත‘ සඳහා පාදක වුණු සිදුවීම් පෙළින් පසු බොහෝ කලක් ගෙවී අවසන් ය. කටොළු මෙන්ම සන්තුෂ්ටීන් ද ඒ මග පුරා මවෙත මුණ ගැසිණි. ඒ පිළිබඳ ඔබට ලියන්නට යළි කාලය සොයා ගන්නේ කෙලෙසදැයි මම කල්පනා කරමි.
හිතවත් මිතුර, මිතුරිය... සිඩ්නි සිතුවිලි ලියැවිල්ලකට කාලය වෙන් කරගත නොහැකි මොහොතක මම හිඳිමි. සිඩ්නියට මා පැමිණවූ ප්‍රධානම කරුණ, සිනමාව පිළිබඳ ලියැවෙන නිබන්ධය, එහි අවසානය දකිනු රිසින් මගේ පරිගණක තිරය මත නිතර මතු වී මා සොයයි. නිබන්ධයට ගැනෙන විවිධාකාර න්‍යායන් මෙන්ම ඊට පාදක වන විවිධ සිනමා කෘතීන්හි චරිතයන් ද අවදියෙන් සිටින විට ද, නින්දට ගිය විට ද මා අසලම ගැවසෙමින් අපරිමිත මනස් සිතුවිලි මසිත ජනනය කරයි. විටෙක එය පීඩනයකි. විටෙක වෙහෙසකි. එහෙත් ඒ වෙහෙසටත්, පීඩනයටත් මම ප්‍රිය කරමි. ඉන් මිදීමට දරණ වෑයම බිහිකර දෙන අපූර්ව වූත්, නැවුම් වූත් අදහස් නිබන්ධයේ ඉදිරි පත්වල ලියැවෙන බැවිණි.
එහෙයින්ම, ‘සිඩ්නි සිතුවිලි‘ සමග ගැවසෙන්නට යළි පැමිණෙන පොරොන්දුවෙන් මඳ ඉසිඹුවකට අවසර පතමි.
රුව - http://i1.cpcache.com/product/9832882/thesis_writing_journal.jpg?height=350&width=350