tag:blogger.com,1999:blog-4899048827921524707.post6964703256994426831..comments2023-10-05T03:59:09.486+11:00Comments on සිඩ්නි සිතුවිලි: ඒ මිතුදම් උණුසුම් ය!ප්රියන්ත ෆොන්සේකාhttp://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4899048827921524707.post-4056883926800714002018-05-30T15:14:50.849+10:002018-05-30T15:14:50.849+10:00මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙන...මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් (2006) ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.

මිතුරා ට ලියූ ලිපිය

පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත

උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ

ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ

අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී

අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට

දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස

ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ

පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු

(2006)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com